
මේගයක් වී අසනි සර විද දෙදරවා නුබ ගුගුරා හඬා දිය දෙවනු මැන දොවා ලනු මැන නිසරු කර් කශ ඉරි තැළුණු බිම බදා වැලපෙන දිළිඳු අසරණ වියලි තුර පත් පුබුදුවා නැගී සිට නල රැල් දරා ගී ගයා වියොවින් හඬා සිඟිති පෙති පෙති මල් පිපී ඈත ඈතට පා කරන්නට නිම්නයේ දුර විසුරුවන්නට සුවඳ හද පිරි ආදරේ දෙපා මුල රැඳි ලපැටි තණපත් සොයා ඇවිදින දිළිඳු මිග රල සෙවණ දී සනසා දරා කෙම්බිමක් වී ගගන සරණා විහඟුනට නිවනට විඩා හිස නගන්නට හරිත සළු හැඳ සිව් දෙසට අතු අත් විදා උඩඟුවෙන් ඉදිමී හඹා විත් නිසරු ගිගිරුම් ගොරවනා සුළං කෝඩය හමා එද්දී දැඩිව නොසැලී නැගී ඉන්නට අඩදැණිව නොවැටී හඬා උදා අරුණළු සමග වියැකෙන තුෂර බිඳු දැක ලතැනොවී පිපී හිනැහෙන සුසුදු කුසුමින් මිදී විසිරෙන සුවඳ සුසුමක් ලෙසින් පාවී එන්න ඔබ වෙත දිය දෙවනු මැන දොවා ලනු මැන නිසරු කර් කශ ඉරි තැළුණු බිම බදා වැලපෙන දිළිඳු අසරණ වියලි තුර පත් පුබුදුවා

