Song Cover Image

නුඹ මඟෑරුනා

නුඹ මඟෑරුනා මට, රළ මියගිය සයුර සේ තරු ද නිදි අහස සේ නුඹ මඟෑරුනා මට, තුරු ලතා නැති අරණ සේ පෙති නැති මල සේ අත්තටු අහිමි විහඟෙකු සේ නුඹ මඟෑරුනා මට, වචනයක් පවා නැති වැකියක් සේ ලියන්නට බැරි වූ කවිය සේ නුඹ මඟෑරුනා, නුඹ මඟෑරුනා නුඹ මඟෑරුනා පද රචනය: මුබාරක් ඩීන් (M.Deen), ගල්මල්-Coral, 02 Sep 2026. #ගල්මල්_Coral https://galmal.blogspot.com/