
පියාපත් අරගෙන ගලා විත් සිනාසී අරුණළු දිගේ පතාවත් නැති සුසුදු සුවඳක් සිනාසෙයි සිත කෙලවරේ ගලායන ගඟුලේ ගලායමි පියාඹමි අහසේ නැගී මුදා බැමි රන් කඩතුරාවේ සිරගෙදර පෙම් පුදසුනේ නිදාගත් සියපතේ පෙති මත හිනාවෙන පිණිබිඳු උදේ කියාදෙයි ඔබ ඇවිත් ගියවග සෙනෙහසේ සුව සිත පිරේ කියූවත් නොකියුවත් ඔබේ නම යාතිකාවේ ගොම්මනේ හමාඑන පවනේ සරැළි තුල ඔබේ ගී හඬ මට ඇසේ ගැයූවත් නොගැයුනත් ගීතය නිනඳ දෙන සන්තානයේ ආදරේ රහසින් ලියා ඇත සිනාසෙන සයුරේ රළේ

