මිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය මුඛ කුහරයේදී දත් මගින් ආහාරය කුඩා කැබලි වලට කැඩේ. ඛේට ග්‍රන්ථි වලින් ඛේටය ස්‍රාවය වේ. දිව මගින්. ඛේටය සමග ආහාරය මිශ්‍ර කරයි. ඛේටයේ ඇති ජීරණ යුෂ මගින් ආහාර ජීරණය ආරම්භ කරයි. අන්නස්‍රෝතයෙදී මුඛ කුහරයේ වූ ආහාර ආමාශය වෙත තල්ලු කරයි. ආමාශය ආහාරය තාවකාලික ව ගබඩා කරන අතර ආමාශයික යුෂ සමග මිශ්‍ර කර, එහි ඇති ජීරණ යුෂ මගින්, ජීරණය කරයි. කුඩා අන්ත්‍රය මගින් අක්මාවෙන් නිකුත් කරන පිත ද අග්න්‍යාශයෙන් ගලන ජීරණ යුෂ ද මිශ්‍ර වී ආහාර තව දුරටත් ජීරණය වේ. කුඩා අන්ත්‍රයෙන් ගලන ජීරණ යුෂ මගින් ජීරණය සම්පුර්ණ වේ. ජීරණය වූ ආහාර කුඩා අන්ත්‍රයේදී සිරුරට අවශෝෂණය කරයි. මහා අන්ත්‍රය ජීරණය නොවූ ආහාර හා ආහාරයේ ඉතිරි කොටස්වල ඇති ජලය මෙහි දී අවශෝෂණය කරයි. ගුදය අර්ධ ඝන තත්වයේ ඇති මෙම ඉතිරි ද්‍රව්‍ය මළ ලෙස ගුදයෙන් පිට කරයි.