Song Cover Image

ඈත සඳ දිය ගඟින් එගොඩහ

ඈත සඳ දිය ගඟින් එගොඩහ සක්වලේ දුර කෙලවරේ ඔබේ පියවර ලකුණු රැඳවුනු නිහඬ මන්දාකිණිය වෙරලත පිය නගමි මම පා පොඟා සුවඳ සුදු මල් තිමිරයේ කැකුළු තරුවක මදහසේ පැතුම් පිබිදී නෙත් වැසේ හුදකලාවේ සිහිලසේ සිහින් සිනහව මට ඇසේ ඔබේ කුටියේ කවුළුවේ කදා පත් ඉරු මත ලියා කවි පහන් සිළුවක් සෙමින් නැලැවෙයි මගේ පියවර හඬ ඇසී දෙතොල මිමිණෙන සොඳුරු ගී පද බිඳ දමා මට හොරා මා පසුපසින් විත් අඳුරු සෙවනැලි අතර සැඟවී දෝත දිගුකර වසා මා නෙත් ‘හහ්හ..හා... හා... හා...හහා’ කියා හඬ ගා වියරුවෙන් එබී මා වෙත යොමා රතු නෙත් උල් නියෙන් සිත පිරිමදී මගේ දුක්කිත ආත්මය මොරගා නොඇසුණා සේ මෑත් වී යමි එහෙත් නොහැකිය ඈත් වන්නට දුව දුවා මග කලඹවාලයි විසුරුවා තිමිරය ඉරා කඨොර ස්වරයෙන් ගී ගයා නිහඬ කරවා නිහඬ ගීතය මා වටා ගැයෙනා එතී සැඟවෙමි කළු වළා වේ ගලා එන මා ආත්මය දියැවී අවමනින් කට කොණින් හිනැහී කණට කොඳුරා වියරු බස් දොඩනා කැටි ගැසෙන සඳ දියෙහි පාවෙන පියුම් සුවඳින් සුවඳ වී ඇති ඔබේ කුටියට දිවෙන මං පෙත බොඳව යයි සුසුමක මැකී ඈත සඳ දිය ගඟින් එගොඩහ සක්වලේ දුර කෙලවරේ නිහඬ මන්දාකිනිය වෙරලත සුවඳ සුදු මල් තිමිරයේ