ඉතින් නාඬන්නැයි ඔබ කියා ගිය දවසක වැටුණා කඳුළු වැස්සක් හඬවමින් මුළු අහසම මඟ දෙපස කඩතොලු වල කහ මල් පිපී රහසේම නෑසුණා සේ උන්නා මැකී ගිය ඔබේ පා හඬ අහසෙන් බිඳක් පැලඳූ දිය කඩිත්තක මතුපිට පාවී ගිලී සැඟවිණ අළු පෑ පරෙවි පියපත ඉතින් නාඬන්නැයි ඔබ කියා ගිය දවසක හිරු දුර ගිලී මියැදී තවම ලොව ගන අඳුරක