Song Cover Image

ඉරටු රටා

බක් මස ගෙවුනා නොදැනිම කොවුලාට > > > අන්තිම කොකිස කෑවා මම තනි කමට > >…> > කැවුමෙ රස දැනෙන්නෙත් බක් මස ගෙවුනාම > > > අතිරස ආස්මී අලුවා ආගිය අත නැති සේම// හැඳි ගෑ දොදොලේ අන්තිම අග මුඩු රස ඇයි මුං කැරලි නාරං කැවුම් නං තාමත් රසයි නුඹ ඇඳි චීත්තේ මල් රටා හරි කදිමයි කරල් දෙකට බැඳි කොන්ඩෙට මම ඇත්තටම ආසයි// වෙසක් පොසොන් ඇසල පෙරහර හිත පාරයි බෝ ගහ පාමුලදි නුඹෙ මුව මට අකපැයි ඉරටු රටා මවමින් මම වැලි පීරයි රටා දකින මගේ හිත සෙමින් සෙමින් නිවෙයි නගේ නුඹ හෙට සිදාදියෙ ගියොතින් වෙනදාමෙන් සත්තයි කරමි අභිනික්මන් නුඹේ නමින් හෙට මුර දානේ පිලිගන්නට නුඹ නාවොතින් නං වඩිනෙමි පිඬු සිඟා නුඹ යන මග අවුරන් පව් පුරවා ගන්නෙ දිග්ගස්සන්නද සංසාරේ ලොකු හාමුදුරුවන්ගේ ඒ හඬ මට නං නොඇසේ මුර බණ දාන පිංකං මට නොඇරේ අවානටම මුවාවෙමි මම සඟවා මගෙ සිත් සාරේ > > > බක් මස ගෙවුනා නොදැනිම කොවුලාට > > > අන්තිම කොකිස කෑවා මම තනි කමට