Song Cover Image

නොනෙලු පියුමක සුවඳ විත්

නොනෙලු පියුමක සුවඳ විත් කඳුළු මල් පිබිදූ දවස් සුවඳ උතුරයි අද සිතේ පැතුම් විල පිපි සියපතේ පිපී හිනැහුනු දා එදා මගේ සිත ඈතක ගියා හිස් පැසත් සුරතේ රඳා වනේ වන මල් ‍සොය සොයා උණු සුසුම් ගිම්හානයේ දකුණු සුල‍ඟේ දවටලා පියුම් සුවඳක් සිහිනයේ ගියා යන්තම් තවරලා මගේ සියපත මල් විලේ මා නමින් පිපිලා බලා අතේ අතැඟිලි ලඟ රැඳී හිතේ සුවඳක් හංගලා