
සකපෝරුවෙ මුදු මැටි පිඩ ඇඟිලි තුඩින් හැඩවෙන හැටි, බලාපන්, ගිනියම් පෝරණුවේ රස්නය දරාගෙන නිමාවෙන සවි බල, විසිතුර, හිතාපන්... ඇඟිලි තුඩින් හැඩවෙන මුදු මැටි පිඩ, බලාපන්, ගිනියම් පෝරණුවේ නිමාවෙන විසිතුර, හිතාපන්... මල නොබැඳුණත් සුදු යකඩ වානේ, නැත මුවහත්, තලන, තලන හැම කුළු පහරටම, තැලීයන්, පන්නරය අරගෙන නිසි පණ, ලබාපන්, දිලෙන, මුවහත පිහිය, හිතාපන්... හැම කුළු පහරම, ලබාපන්, තැලීයන්, පන්නරය අරගෙන මුවහත, ලබාපන්... ඇඟිලි තුඩින් හැඩවෙන මුදු මැටි පිඩ, බලාපන්, ගිනියම් පෝරණුවේ නිමාවෙන විසිතුර, හිතාපන්... හැම කුළු පහරම, ලබාපන්, තැලීයන්, පන්නරය අරගෙන මුවහත, ලබාපන්... පාගන, පාගන හැම වාරෙදිම, පෑගියන්, හැකිළිය යුතු තැන නොබියව, හැකිලියන්, ඉන් දෙන ශක්තිය, ලබාපන්, හෙම්බත් යක්-පා නෙරපා එතුනු වානේ දඟරයේ, උඹේ හැඩ, ලබාපන් පාගන, පාගන හැම වාරෙදිම, පෑගියන්, ශක්තිය, ලබාපන්... එතුනු වානේ දඟරය වාගේ ආයෙත්, උඹේ හැඩ, ලබාපන්... ඇඟිලි තුඩින් හැඩවෙන මුදු මැටි පිඩ, බලාපන්, ගිනියම් පෝරණුවේ නිමාවෙන විසිතුර, හිතාපන්... හැම කුළු පහරම, ලබාපන්, තැලීයන්, පන්නරය අරගෙන මුවහත, ලබාපන්... පාගන, පාගන හැම වාරෙදිම, පෑගියන්, ශක්තිය ලබාපන්... එතුනු වානේ දඟරය වාගේ ආයෙත්, උඹේ හැඩ, ලබාපන්... හැම කුළු පහරම, ලබාපන්, තැලීයන්, පන්නරය අරගෙන මුවහත, ලබාපන්... පාගන, පාගන හැම වාරෙදිම, පෑගියන්, ශක්තිය ලබාපන්... එතුනු වානේ දඟරය වාගේ ආයෙත්, උඹේ හැඩ, ලබාපන්... එතුනු වානේ දඟරය වාගේ ආයෙත්, උඹේ හැඩ... ලබාපන්...

