Song Cover Image

නුඹට පුළුවන් (You Can)

+ Show full styles
V6-MINI

හැඩතල නවා, මෝස්තර දමා යකඩවලට හුස්ම දුන්නා, පියාපත් දුන්නා විද්වතුන්... ගුවන සිසාරා පියාසර කරනවා යකඩ කුරුල්ලෝ... බඹරුනේ උඹට බැහැ පියාඹන්න ඒ විද්වතුන් කිව්වා… සුවඳ සොයා, ඈත දුර ගෙවා හිමිදිරි උදයේ පියාපත් සැලුවා බඹරුන් මල් පෙති නොතලා, මල් පැණි රස වින්දා... බඹරුනේ උඹට බැහැ පියාඹන්න ඒ විද්වතුන් කිව්වා… ඒත් උන් පියාපත් සැලුවා, අහස දිහා බැලුවා, ඉගිල ගියා... බින්දු, බින්දු, පැණි පුරවා, රස මී බෙදුවා... පරවෙන මලට හරයක් දුන්නා, ගස් වැල් පළින් බර වුණා... බඹරුනේ උඹට බැහැ පියාඹන්න ඒ විද්වතුන් කිව්වා… ඒක නොදත් වන බඹරා තත්පරයකදී සිය, දෙසිය වතාවක් තටු ගැසුවා… දවස ගානේ ඈත දුර ගෙවා ඉගිල ගියා ගුමු, ගුමු, ගී මුමුණා මල් පැණි රස බැලුවා… පසු බැස්සේ නැහැ, නැහැ පුංචි යාළුවා... කවුද කිව්වේ පුතේ නුඹට බැහැ කියලා? ඇයි හැංගෙන්නේ මුළු ගැන්විලා? හිතන්න, පුංචි වන බඹරා කවුරුවත් කියූ හන්දා ඌ ඉන්නවාද පියාපත් හකුළා? නෑ, නෑ බඹරුන් පියාපත් හකුළාගෙන හිටියේ නෑ සට, සට, ගා අත්-තටු සැලුවා ගුමු, ගුමු, ගී මුමුණා ජීවිතය වින්දා යුතුකම් ඉටු කළා... උඹට බැරි නැහැ පුතේ එපා, එපා, හැංගෙන්න උසට උසේ නිල් අහසයි, ඈත පේන සිතිජයයි උඹට පුළුවන් ජය ගන්න! කවුද කිව්වේ බැහැ කියලා? උඹට පුළුවන් ජය ගන්න! පියාඹන්න බැහැ කියූ බඹරුන් ඈත දුර ගෙවා අත්තටු සැලුවා ඉගිල ගියා, ඉගිල ගියා... විද්වතුන් ලිව්වා කතාව අලුත් කරලා “බඹරුන්ට පුළුවන්ලු පියාඹන්න...” උන් පියෑඹුවා, උන් හැමදාම පියෑඹුවා... කවුද කිව්වේ බැහැ කියලා? බඹරුන්ට පුළුවන් පියාඹන්න! එපා, එපා, හැංගෙන්න එපා, එපා, පසුබසින්න බඹරුන්ට පුළුවන් පියාඹන්න බඹරුන්ට පුළුවන් පියාඹන්න! කවුද කිව්වේ බැහැ කියලා? නුඹට පුළුවන් ජය ගන්න… පද රචනය: මුබාරක් ඩීන් (M. Deen), ගල්මල්-Coral, 2026/Oct #ගල්මල්_Coral #TheBreezeමදනල https://galmal.blogspot.com/