
නොනෙලු පියුමක සුවඳ විත් කඳුළු මල් පිබිදූ දවස් සුවඳ උතුරයි අද සිතේ පැතුම් විල පිපි සියපතේ පිපී හිනැහුනු දා එදා මගේ සිත ඈතක ගියා හිස් පැසත් සුරතේ රඳා වනේ වන මල් සොය සොයා උණු සුසුම් ගිම්හානයේ දකුණු සුලඟේ දවටලා පියුම් සුවඳක් සිහිනයේ ගියා යන්තම් තවරලා මගේ සියපත මල් විලේ මා නමින් පිපිලා බලා අතේ අතැඟිලි ලඟ රැඳී හිතේ සුවඳක් හංගලා

