Song Cover Image

සුනම්‍ය - උණ ගසේ ගීතය

+ Show full styles
V6-MINI

සුනම්‍ය - උණ ගසේ ගීතය සිලි සිලියයි පවනට පවන් සලයි, මල් හිනැහෙයි, ගුමු ගුමුවයි සමනල තටු රඟන්නේ... රළ නඟයි, ගඟ පහළට ඇදෙන්නේ, සිලි සිලියයි නුඹ පවනට පුදන්නේ... සිහින් සුළන් රැල්ලේ වෙලි අතු ඉති පත් තාලෙට රඟන්නේ... සිහින් සුළන් අහුරනු ඇයි සිලි සිලියයි පවනට පුදන්නේ... සුළන් සැරයි, සියොත් හඬයි, පත් සැලෙයි, ගස් අතු ඇඹරෙන්නේ... ගඟ සැරයි, හෝ හෝ හඬ නඟන්නේ, වියරු සුළඟේ නුඹ කොහොමද ඉඳින්නේ... සිහින් සුළන් රැල්ලේ වෙලි අතු ඉති පත් තාලෙට රඟන්නේ... වියරු සුළන් අහුරනු බැහැ නමා සිරස මාරුතයට ඉඩ හරින්නේ... සුනැමි නුඹ හැම විඳගෙන අතු විහිඳා අහස උසට නඟින්නේ... පුරුකෙන් පුරුක සවිබලව වැඩෙන්නේ පාමුලින් කපා කවුරුද නුඹ බිම හෙළන්නේ... උසින් උසට පිය නඟින එවුනට පුරුකක්වී යුතුකම පුදන්නේ... උන් ඉහළින් ඉහළට නඟින්නේ, අපි සතුටින් පහළට බහින්නේ... සිලි සිලියයි පවනට පුදන්නේ, නමා සිරස මාරුතයට ඉඩ හරින්නේ, උසින් උසට පිය නඟින එවුනට පුරුකක්වී පිදෙන්නේ... පද රචනය: මුබාරක් ඩීන් (M. Deen), ගල්මල්-Coral, 2026/Oct #ගල්මල්_Coral #TheBreezeමදනල https://galmal.blogspot.com/