Song Cover Image

සිත්තරෙක්

+ Show full styles
V6-MINI

ජීවිතයම සිතුවම් එකතුවක්, නුඹ සිත්තරෙක්... කැමැතිම පාට තෝරාගෙන හැඩ කරන වඩාත් කැමැති පාට හනි හනිකට ගෙවෙන... ජීවිතයම සිතුවම් එකතුවක්, නුඹ සිත්තරෙක්... අලුත් පාටකූරු පෙට්ටියක් අරගෙන තව පිටුවක්, පිටු කීපයක් නුඹ සතුටින් පාට කරන ඇල්මක් නැති පාටම ඉතිරි කර... ජීවිතයම සිතුවම් එකතුවක්, නුඹ සිත්තරෙක්... සිතැඟි පිටුවෙන් පිටුව ඔපකර පාටින් පාට නුඹත් දන්නේ නැහැ එකතු වෙන්නේ, ඉතිරි වෙන්නේ, ඇල්මක් නැති පාට පාට කූරු... මඟෑරුනු පිටු, නුඹේම සිතුවම්, පාට කරන්නට කිසි තේරීමක් නොකර... ජීවිතයම සිතුවම් එකතුවක්, නුඹ සිත්තරෙක්... නුඹ, නුඹේම සිතුවම් කැමැතිම පාටින් පාට කරන්නට, බැරිවූ සිත්තරෙක්... ජීවිතයම සිතුවම් එකතුවක්, නුඹ සිත්තරෙක්... ජීවිතයම පාටකූරු පෙට්ටියක් සිතුවම් පාට පාටින් හැඩකර ඇල්මක් නැති පාට ගොඩක් ඉතිරි කර සිත්තරෙක් සිත්තරෙක්... ජීවිතය සිතුවම් එකතුවක්, පාටකූරු පෙට්ටියක්... සිත්තරෙක්... පාටකූරු පෙට්ටියක්... සිත්තරෙක්... පද රචනය: මුබාරක් ඩීන් (M. Deen), ගල්මල්-Coral, 2026/Sep #ගල්මල්_Coral https://galmal.blogspot.com/