Song Cover Image

වැලි කෙළියේ එක හැළියේ

V6-MINI

වැලි කෙළියේ එක හැළියේ සෙල්ලම් බත් උයාලා මාළු වලට නාගවල්ලි කොළ තම්බා බෙදාලා ගොබලු පියලි ඉරටු ගසා පොඩි හැන්දක් හදාලා කෑව නේද බඩ පුරාම කෙහෙල් කොළේ අනාලා දෙමට ගැහේ ඔංචිලි බැඳ රුකුල් ගන්න වෙලාවේ පය ලිස්සා බිම වැටිලා තුවාල වුණු වෙලාවේ ගිතෙල් සමඟ මගෙ කකුලට මැතිරූ ඒ වෙලාවේ ඇයි ඇඳ ළඟ හිඳ ඇඬුවේ ඔබ මා දාමුලාවේ වැලි කෙළියේ එක හැළියේ සෙල්ලම් බත් උයාලා මාළු වලට නාගවල්ලි කොළ තම්බා බෙදාලා ගොබලු පියලි ඉරටු ගසා පොඩි හැන්දක් හදාලා කෑව නේද බඩ පුරාම කෙහෙල් කොළේ අනාලා ඒ කාලය ගෙවී ගියා ඈ ගේ මුල්ලට වුණා අපි දෙන්නගේ කතාබහට වැඩිහිටියොත් වැති වුණා හේතුව මම හොයන විටදි ලැජ්ජාවෙන් පසු වුණා ඈ යෞවන වනිතාවක් බව පසු මට වැටහුණා වැලි කෙළියේ එක හැළියේ සෙල්ලම් බත් උයාලා මාළු වලට නාගවල්ලි කොළ තම්බා බෙදාලා ගොබලු පියලි ඉරටු ගසා පොඩි හැන්දක් හදාලා කෑව නේද බඩ පුරාම කෙහෙල් කොළේ අනාලා සෙල්ලම් ගෙය කැඩී බිඳී සුළඟේ පාවී ගියා ඇගෙ අත පාවා ගන්නට වෙන තරුණයෙක් ළං වුණා ඇයි ඔයාට මතක නැද්ද අපි දෙන්නගේ ආදරේ මම මැරෙන්නේ ඔයා බඳින දාට මඟුල් පෝරුවේ වැලි කෙළියේ එක හැළියේ සෙල්ලම් බත් උයාලා මාළු වලට නාගවල්ලි කොළ තම්බා බෙදාලා ගොබලු පියලි ඉරටු ගසා පොඩි හැන්දක් හදාලා කෑව නේද බඩ පුරාම කෙහෙල් කොළේ අනාලා